මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇති බවයි.

එමෙන්ම මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බවයි.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වන බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *