අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් නිවාස 1,888ක් සහ ප්‍රවීන කලාකරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අද (22) අත්සන් තබා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිවු සෙන්හොන් සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක අතරයි.

ප්‍රවීන කාලාකරුවන් වෙනුවෙන් වන නිවාස ව්‍යාපෘතියක් කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් නිවාස පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම ප්‍රදේශවල ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *