ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඉරානයට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 13 – 00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

මෙය ඊයේ (24) තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණේ මෙම තරඟාවලියේ පළමු වටයේ තරඟයක් ලෙසයි.

මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට වුණා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘A’ කාණ්ඩයෙන් තරඟවදිනු ලබයි.

එමෙන්ම ශ්‍රී ලංකාව හා ඉරානයට අමතරව එම කාණ්ඩයට පාකිස්තානය සහ ඉන්දියාව ද  ඇතුළත්ව තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *