මහා පරිමාණව හෙරොයින් ජාවාරමක් කළ තරුණියක් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිවුලපිටිය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් තරුණිය වයස අවුරුදු 21ක් වන දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇය සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 2කට අධික බවයි.

ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *