රුපියලේ දැනෙන වෙනසක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.74ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.76ක් ලෙසයි.
ඊයේ (18) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.49ක් සහ විකුණුම් මිල රුපියල් 296.47ක් ලෙස සටහන් වුණා.