කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙක් අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අරලගංවිල පොලිස් වසමේ කැකුලුවෙල ප්‍රදේශයේ කුඹුරක ඊයේ (25) සවස් කාලයේ රැඳී සිටියදීයි.

අකුණු සැර වැදුණු පුද්ගලයා අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා

මියගිය පුද්ගලයා වයස අවුරුදු 63ක් වන කැකුලුවෙල, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙක් සමඟ කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනෙක් පුද්ගලයාද තුවාල ලබා ප්‍රථිකාර සඳහා අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මෘතශරීරය පොළොන්නරුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *