ග්‍රහලෝක 6ක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ මෙලෙස බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක නිරීක්ෂණය වන බවයි.

එමෙන්ම සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසට දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ග්‍රහලෝක පෙළ ලබන 29වනදා දක්වා හිරු බැසයමෙන් පසු විනාඩි 90ක් තුළ හොඳින් දැකගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *