රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා.
ඒ ඊයේ (25) බොරැල්ල සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දක්ෂිනාංශික දේශපාලන කණ්ඩායම් සියල්ල එකතු කරගනිමින් ඉදිරියේදී ගමනක් යාමට අවශ්‍ය බව සමගි ජන බලවේගය විශ්වාස කරන බවයි.