මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද වාර්තාව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් බිඳහෙලා ඇති බවයි.
ඊයේ (03) දිනයට යෙදී තිබුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු මෙම මාධ්‍ය හමුව පවත්වා තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට පෙර බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තැබූ පැය 07ක වාර්තාව බිඳ හෙළු බවයි වාර්තා වන්නේ.