හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගල් කිහිපයක් පෙරළීමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.
මෙලෙස හානි සිදුව ඇත්තේ අද උදෑසන කඩවත සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයකටයි.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ දිනවල පවතින වර්ෂාව සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පහළට ඒමේ අවධානමක් පවතිනවා.
ඒ හේතුවෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව කල්පනාකාරීව රිය ධාවනය කරන ලෙසටයි.
(rednewsalert.lk)