සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා .

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) සහ හෙට (14) යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

එහිදී අද සහ හෙට රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *