සිරි දළදා වන්දනාව ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් පැමිණෙන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කරගනිමින් වාහන වෙත දැනටමත් එම ස්ටිකරය නිකුත් කරන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි.

අදාළ වාහන වෙත දළදා වන්දනාව සඳහා පැමිණෙන වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල්වලට යොමු කිරීමත්, බැතිමතුන්ට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමට ඉඩ ප්‍රස්ථව සැලසීම මෙහි අරමුණ වී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඒ අනුව වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි වාමුවාවේ වම්පස ඉහළ කෙළවරේ පිටත හොඳින් පෙනෙන අයුරින් ස්ටිකරය අලවාගෙන පැමිණෙන ලෙසයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *