දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්.

පසුගියදා ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂ 6ක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය අසාර්ථක වුණා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවමත් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතු බවට පවසමින් ජනතාව විරෝධතාවල නිරතවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *