විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතරොමක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) හෙනරත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගම්පහ අපරාධ විමර්ශන කොට්ඨාස අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කල වටලිමක් අතරතුරදීයි.

පොලිසිය සඳහන් කලේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

යක්කල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *