පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15වනදා සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇති බවයි.
මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින 4ක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කර තිබෙනවා.
ටෙක්සාස්හි ෆයර්ෆ්ලයි ඒරොස්පේස් සමාගම නිවේදනය කළේ “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය පෘථිවිය වටා අභ්‍යවකාශ යානයේ කක්ෂයෙන් චන්ද්‍රයාගේ පළමු ඡායාරූප පෙළ ලබාගෙන ඇති බවයි.