පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදීයි.

එම අනතුරින් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වන අවස්ථාවේදී අදාළ බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ධාවන වෙමින් තිබූ අතර ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථය හිඟුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *