අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බරපතළ තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ අතර කොස්ගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *