වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදීයි.
පොලීසිය සඳහන් කළේ එම අනතුරින් 13දෙනෙක් තුවාල ලබා ඇති අතර පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළුව තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.