වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී. එච්. ඩී. ධර්මපාලට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදීයි.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වන විට දින 44ක් පුරප්පාඩුව පවතිනවා.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ නමට ව්‍යවස්ථා සභාවේ එකඟත්වය හිමි නොවූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී. එච්. ඩී. ධර්මපාල මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කළ යෝජනාව මෙලෙස අනුමැතිය හිමිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *