පසුගිය 13වනදා සිට මේ දක්වා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයන් 92,471ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම අධික වර්ෂාව හේතුවෙන් වැඩි බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වී ඇති අතර අම්පාර,මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 17,952කට අයත් පුද්ගලයන් 56,878දෙනෙක් පීඩාවටපත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාතේ කිලිනොච්චිය,යාපනය,වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 7,970කට අයත් පුද්ගලයන් 29,229දෙනෙක් පීඩාවටපත්ව ඇතිබවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *