පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුවී
තිබෙනවා.
ඒ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා සිටි පාපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 49ක් වන බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.