ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

හිම කුණාටුවත් සමඟ ඇතිවන හිම පතනය දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව ඇමරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කළා.

මේ අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *