ඇමරිකාවේ බිත්තර මිල මේ වසරේදී 40% කින් ඉහළ යනු ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 3ක කාලයක සිට එරට පැතිරෙන කුරුලු උණ වයිරසය පාලනය කිරීම සඳහා කුකුලන් මිලියන 166කට වඩා ප්‍රමාණයක් මරා දැමීමට සිදුවීම ඊට හේතු වී ඇති බවයි.
එමෙන්ම පෙබරවාරි මාසයේදී අමෙරිකාවේ බිත්තර මිල ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කර ඇති බවත්, බිත්තර දුසිමක් ඩොලර් 4.95 දක්වා (රුපියල් 1,465ක්) ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.
කුරුලු උණ සහ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය නව සැලසුමක් ද නිවේදනය කළ බවයි
වැඩිදුරටත් සඳහන් වන්නේ.