ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් ඇමරිකාවේ දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘විරෝධතා 50ක්, රාජ්‍ය 50ක්, ව්‍යාපාරයක් 1ක්’ යන අර්ථය ඇති ‘50501 ලෙස හැඳින්වෙන මෙම විරෝධතා ඇමරිකානු විප්ලවීය යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පවත්වා ඇති බවයි.

පසුගිය මාසයේදී ඇමරිකාවේ ප්‍රාන්ත 50ක ඇතුළුව තවත් ස්ථාන 1,200ක සහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර ජනතාව විසින් හෑන්ඩ්ස් ඕෆ් යනුවෙන් ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *