ඇමරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ඇමරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි.
එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී තිබෙනවා.
භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ හි සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත්වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(rednewsalert.lk)