ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවයි.

එමෙන්ම කිලෝමීටර් 14ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනයන ජෙරුසලම, මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ භූකම්පනයෙන් දේපළ හානි හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *