කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන ඇති බවයි.

2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කහ උණ ​​රෝගීන් 75ක් වාර්තා වී ඇති අතර ඉන් 34ක්ම මියගොස් ඇති බව කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමා පළාතටයි.

කහ උණ, ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන රෝගයක් බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *