මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගල චෙඩ්ඩිකුලම්, මධු , මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (20) පෙරවරු 7.30 දක්වා වලංගු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *