ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරගයේ Head- to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඇය එම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5දෙනා අතරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

වසර 74ක ලෝක රූ රැජින තරඟ ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරඟකාරිය ලෙස අනුදි වාර්තා අතරට එක් වී තිබෙනවා.

අනුදි සහභාගිවන Head-to-Head Challenge අංශයේ අවසන් 20 දෙනා සහභාගි වන අවසන් තරඟය අද (23) පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *