අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි.
ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ වන විට එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බව පොලීසිය ප්‍රකාශ කළා.