පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන අද (06) දිනයේදී සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවයි.
ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද කොමසාරිස්වරයා පවසනවා.
කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි අයෙක් වේ නම් ඔහුටද කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවයි.
(rednewsalert.lk)