සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමූ මහනුවර පාසල් යළි විවෘත කරන බව නිවේදනයක් මඟින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඇති විය හැකිව තිබූ තදබදය අවම කර ගැනීම සඳහා වසා දැමූ මහනුවර පාසල් 24ක් අප්‍රේල් 28වනදා විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටි පාසල් 37ක් අප්‍රේල් 29වනදා විවෘත කිරීමට නියමිතව තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *