රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි.

බස් ගාස්තුව සඳහා ඉන්ධන මිල පමණක් බල නොපාන බවත් සෙසු සියලු වියදම් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ගැමුණු විජේරත්න බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් ඩීසල් මිල රු 25 – 30 ක් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බව ප්‍රකාශ කළා.

ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවර මැයි රැළි සඳහා බස් ඉල්ලුම් කර නොමැති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *