මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.

ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි.

මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ මෑතකදී ස්ථාපනය කෙරුණු ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින්.

ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙක හමාරක ගුණයක් තරම් වන K2-18b ග්‍රහයා පෘථිවියෙන් සැතපුම් ට්‍රිලියන 700ක් දුරින් පිහිටා වෙනත් මන්දාකිනියක සූර්යයෙක් වටා පරිභ්‍රමණය වෙමින් පවතිනවා.

විද්‍යාඥයන් පවසන්නේ සාගර ශාක ප්ලවාංග සහ බැක්ටීරියා ශ්වසනයේදී නිපදවෙන වායූන් වන ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් අණු එම ග්‍රහයා වටා පිහිටි වායුගෝලයේ පවතින බැවින් එය සුබවාදී ලක්ෂණයක් බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *