අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි 31වනදා හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
එම ලුණු තොගය සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයන් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමඟ 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වුණා.
ඒ අනුව වෙළෙඳ පොළට සැපයීම පිණිස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයන් විසින් ඉල්ලිමක් ඉදිරිපත් කළා.