ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ ආර්මේනියාවේ සහ අසර්බයිජානයේ ජනාධිපතිවරු සාම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ වොෂින්ටන්හිදීයි.
දශක හතරකට ආසන්න කාලයක් පැවති ගැටුමක අවසානය සනිටුහන් කරමින් ඔවුන් එම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
මෙම සිදුවීම ඇමරිකානු ජනපතිවරයා විසින් ඓතිහාසික සිදුවීමක් ලෙස විස්තර කර ඇති බවයි වාර්තා වන්නේ.