බීච් කින්ග් 350 මාදිලියේ නවීන නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ඒ ඕස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වන බවයි වාර්තා වන්නේ.
මෙම නව ගුවන් යානය මඟින් ශ්‍රී ලංකා ගුවන් සීමාව, සුවිශේෂි ආර්ථික කලාපය, සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ හා ඔත්තු බැලිමේ මෙහෙයුම් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ගුවන් හමුදාව සඳහන් කළේ එමඟින් මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු බහුලව සිදුකිරීමටද නියමිත බවයි.