එළඹෙන අවුරුදු සමයේ ජනතාවට දෙන අත්‍යවශ්‍ය බඩු මල්ලේ තිබෙනුයේ ග්‍රෑම් 200ක් වන සුපෝෂ පැකට් දෙකක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසනවා.

ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදීයි.

රජයේ ත්‍රිපෝෂ සමාගමෙන් නිෂ්පාදනය කරන සුපෝෂ පැකට් එම බඩු මල්ලට එකතු කරන අතර විපක්ෂයෙන් එය සමපෝෂ කරන්න හදන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඇමැතිවරයා පවසා ඇත්තේ සුපෝෂ පැකට් එකක මිල රුපියල් 370ක් බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබූ බවත් නමුත් එක් පැකට්ටුවක මිල වනුයේ රුපියල් 135ක් බවයි.

ආරම්භක සතිය තුළ සුපෝෂ පැකට් 675,000ක් දෙන බවත් ඉතිරි පැකට් ඊළඟ වටයේදී දීමට ත්‍රිපෝෂ සමාගම පොරොන්දු වී තිබෙනවා.

අස්වැසුම දෙවැනි වටයට අයැදුම් කර ඇති ජනතාව 870,000කට මෙම බඩු මල්ල දෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *