මේ වසරේ පළමු මාස 06 තුළ මෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය ලීටර් මිලියන 21කින් ඉහළට ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ පසුගිය වසරේ මුල් මාස 06ට සාපේක්ෂව එම වර්ධනය සිදුව ඇති බවයි.

එමෙන්ම කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරඟකාරී මිල ගණන් පවත්වාගෙන යාමෙන් ඉන්ධන අලෙවිය ඉහළ දැමීමට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *