නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 3කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවයි.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඉන්දික උඩවත්ත පවසනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *