ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ආයුර්වේද රූපලාවන්‍ය සහ ආයුර්වේද ඖෂධ නියාමනයකට ලක් කිරීමට පියවර ගන්නා බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන නියාමන සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඒ රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල් ශ්‍රවණාගාරයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *