ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබෙනවා.
ඔහු 24ක් හැවිරිදි යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි වාර්තා වන්නේ.
නොවැම්බර් මස 01වනදා සිදු වූ එම අනතුරින් සිසුවියන් දෙදෙනෙක් එදිනම ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අනුව මෙම අනතුරෙන් මේවන විට තිදෙනෙක්ට දිවි අහිමි වී තිබෙනවා. .