උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සඳහන් කළේ දෛනිකව ටොන් 450ක්ව පැවති කසළ බැහැරකිරීම මෙම මාසය අවසන් වන විට ටොන් 500ක් දක්වා වර්ධනය වනු ඇති බවයි.
මේ අතර ආහාර විශාල වශයෙන් ඉවත දැමීම හේතුවෙන් දිරන කසළ ප්‍රමාණය ඉහළ යාමට හේතුවක් වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළා.