බංග්ලාදේශයේ තහනම් කරනු ලැබූ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ රැලියක් විසුරුවා හැරීමට
පොලීසිය කඳුළුගෑස් සහ බැටන් පොලු භාවිත කිරීම හේතුවෙන් ප්රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා අගනුවර බයිතුල් මුකරම් නමැති ප්‍රදේශයේ පවත්වා ඇති එම රැලියට දහස් සංඛ්‍යාත පිරිසක් එක්වී සිටි බවත්, එය විසුරුවා හැරීමේදී සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලින් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී නැවත මෙවැනි පා ගමන් සිදු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිසිය එම සංවිධානයට දැනුම් දී තිබෙනවා.