බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂය​යන්ට අදාළ ගුරු හිඟය උග්‍රව බලපා ඇති බවයි.

මේ සඳහා විසඳුමක් ලෙස පේරාදෙණිය හා කොළඹ විශ්ව විද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමටත් දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමටත් සැලසුම් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *