ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් කරා ගෙනට්‍යමින් සිටින බවආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සඳහන් කළා.
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධවද මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කළ බවයි වාර්තා වන්නේ.
නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් සහ කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තම ස්තුතිය පළ කරන බවයි.