නිවසක දින කීහිපයකට පෙර මියගොස් සිටි අඹුසැමි යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
ඒ බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසකදීයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හා 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනාගේ සිරුරුයි.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලීසියේ නිලධාරීන් සහ හැටන් පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් නිවසේදී වස බෝතල් තුනක් සොයාගෙන ඇති අතර මෙය වස පානය කර සියදිවි හානි කර ගැනීමක් බවට සක පළ කරනවා.