නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදීද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේදී ඊයේ ආරම්භ කෙරුණු බවයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති රහසිගත ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඡන්ද විමසීම අද පෙරවරුවේ යළි ආරම්භ කර තිබුණා.

ඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බවයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *