කියුබාවේ විදුලිබල පද්ධතිය ඊයේ (14) රාත්‍රියේ බිඳ වැටීමෙන් රට පුරා විදුලිය ඇනහිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් මිලියන 10කට අධික ජනතාවකට බලපෑම් එල්ල වූ බවයි.

එමෙන්ම ඩීස්මෙරෝ උපපොළේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් කියුබාවේ බටහිර ප්‍රදේශයේ ජනන ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස අඩාල වී තිබෙනවා.

කියුබාවේ බලශක්ති හා පතල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ සමඟ ජාතික විදුලි පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *