සිවිල් යුධ කණඩායමක් විසින් දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 7දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තවත් පුද්ගලයන් 20දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙය බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරත් සමඟ එම රෝහලේ ඇති සියලු වෛද්‍ය සැපයුම් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සුඩාන රජය විසින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *